වෙනෙස් ආදරයක්
Monday, April 8, 2013
චොකලට් කනවා නම් ඩාර්ක් චොකලට් කන්න
චොකලට් කනවා නම් ඩාර්ක් චොකලට් කන්න
අප ගන්නා සීනි, සෑම පැණි රස ආහාරයකම ප්‍රධාන ද්‍රව්‍යයි. රුධිරයේ සීනි මට්ටම සීඝ්‍රගාමීව ඉහළ නැංවීමට මෙවැනි ආහාර උපකාරවන බව රහසක් නොවෙයි. නමුත් චොකලට් නම් රසවත් අතුරුපසේ සුළු වෙනසක් පවතී. චොකලට්වල අඩංගු මේදය නිසා සීනි මට්ටම ඉහළ යෑම අනෙකුත් සීනි ආහාර ගැනීමේදී වඩා තරමක් සෙමින් සිදුවෙයි. එහෙත් එයින් චොකලට් පමණ ඉක්මවා ගැනීමේ අවදානමක් නැතැයි කීමට නුපුළුවන. චොකලට් ලෝලීන් අතර වඩාත්ම ජනපි‍්‍රය කිරි සපිරි චොකලට්ය. (මිල්ක් චොකලට්ය) මේවායේ අපේ හෘද නහර අවහිර කරන සන්තෘප්ත මේදය අධික ලෙස අඩංගුය.ඇතැම් මේද වර්ග එතරම් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්නේ නැති වුවත් බොහෝ මේද වර්ග එසේ නොකරයි. විශේෂයෙන් කිරි රසයෙන් යුතු චොකලට් ඒ අතරින් ප්‍රධානයි. ඔබේ විකල්පය ඩාර්ක් චොකලට් නම් එහි ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගුය. රුධිර පීඩනයද එමඟින් අඩු වේ. දිනකට චොකලට් පෙත්තක් හෝ සතියකට කුඩා චොකලට් බාර් එකක් රස විඳීමෙන් ඔබේ චොකලට් පිපාසය සංසිඳුවා ගන්න.
සම්පූර්ණ ලිපිය
Subscribe to:
Comments (Atom)